විදුහල්පති පණිවිඩය
ජේ.ඒ.විමලසේන මයා
බුද්ධිමතුන් බිහිකරන ලද්දා වූ තක්ෂිලාවක් වන්නීය. සංවර්ධිත මගෙහි සුදුසුම මධ්‍යස්ථානයක පිහිටා ඇති සියඹලාණ්ඩුව ජාතික පාසල සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාසයෙහි පිහිටියා වූ එකම ජාතික පාසලයි. දැරුවන් සත්සීයකට ආසන්න පිරිසක් අකුරු කරන ගුරුවරුන් හතලිහක් පමණ අකුරු කරවන මෙම විදු පියස 1 AB පාසලක් වන අතර අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත,කලා,වානිජ හා තාක්ෂණ විෂය ධාරාවන් ක්‍රියාත්මක පාසලකි. සෞන්දර්ය,ක්‍රීඩා හා සමාජ විද්‍යා අංශයන්හී දක්ෂයිින් විශ්ව විද්‍යාල වෙත සමාජ ගත කරන දරුවන් ලෝකය දිනවන කටයුත්තේ නියැලී සිටිී.
අධයාපන ක්‍රමවේදය තුළ "ස්මාර්ට් කරණය හා ඩිජිටල් කරණය" දරුවන්ට ලෝකය දිනන්නට ඇති පහසු හා සාර්ථක මඟකි. ඒ සඳහා පුළුල් පහසුකම් පද්ධතියක් අප පාසල සතුවන්නේ ය. ලොව තොරතුරු ඇතැඹුලක් සේ දකින්නට පාසල ලෝකයට විවර වන්නට අප පාසල් වෙබ් පිටුව ඉවහල් වනු ඇතැයි තරයේම විශ්වාස කරමි.
ජේ.ඒ.විමලසේන මයා
විදුහල්පති
මො/සියඹලාණ්ඩුව ජාතික පාසල.





