මො/ සියඹලාණ්ඩුව ජාතික පාසල

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

sld.png
sld.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ආර්.එම්. ප්‍රදීප් වීරසිංහ මයා

මොනරාගල දිස්ත්‍රික්කයේ, මොනරාගල අධ්‍යාපන කලාපයේ, සියඹලාණ්ඩුව කොට්ඨාසය තුළ පිහිටි එකම ජාතික පාසල වන මො/සියඹලාණ්ඩුව ජාතික පාසල අධ්‍යාපනයේ සුවිශේෂී කඩයිම් සාර්ථකව ජය ගනිමින් ඉදිරියට යන මොහොතක සුභ පැතුම් පණිවිඩයක් එක් කිරීමට හැකිවීම සතුටට කරුණකි. ක්‍රීඩා, නර්තන, සංගීත යන අංශවලින් ජාතික මට්ටමේ ජයග්‍රහණ අත් කර ගනිමින් අධ්‍යාපනයේ වේගවත් ඉදිරි ගමනක් සනිටුහන් කරමින් පවතින මේ මොහොතේ අ.පො.ස.(උ.පෙළ) විද්‍යා,ගණිත, කලා, වාණිජ, තාක්ෂණ යන සෑම විශය ධාරාවක්ම ක්‍රියාත්මක වන අතර ඒ සදහා අවශ්‍ය භෞතික සම්පත්ද ප්‍රමාණාත්මකව පවතින මො/සියඹලාණ්ඩුව ජාතික පාසල සියඹලාණ්ඩුව කොට්ඨාසය තුළ දිනෙන් දින ජනප්‍රිය වෙමින් පවතී. ඒ සදහා උරදෙන විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයටත් මුළු මහත් පාසල් ප්‍රජාවටත් මාගේ සුභාශිංසන පිරිනමමින්, තව දුරටත් නව ලොවට ගැළපෙන සමබර පෞරුෂයකින් යුත් දරුවෙකු බිහිකිරීමට අප සැමගේ කැපවීම ලබා දෙන්නෙමු.

ආර්.එම්. ප්‍රදීප් වීරසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/සියඹලාණ්ඩුව ජාතික පාසල.